සිඩ්නිහි රිය අනතුරකින් 12 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙක් මියයයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 12 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.40 ට පමණ මිල්පෙරාහිදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමග එක් මෝටර් රථයක් පෙරලී ගොස් ඇති අතර එහි සිටි දැරිය සහ 41 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයදී ම මියගොස් තිබෙනවා.

එහි පසුපස අසුනේ ගමන් කළ 10 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 52 හැවිරිදි රියදුරා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

අනෙක් මෝටර් රථය පැදවූ 19 හැවිරිදි තරුණයෙකු ද පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »