කඳවුරු බැඳගෙන සිටින සරසවි සිසුන්ට නියෝගයක්

පලස්තීන හිතවාදී කඳවුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරගෙන පිටව යන ලෙස කැන්බරාහි පිහිටි ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සිසුන්ට නියෝග කර තිබෙනවා.

බරපතල ආරක්ෂක ගැටළු හේතුවෙන් මෙම කඳවුරු ඉවත් කර ගන්නා ලෙසටයි සිසුන්ට සරසවි පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ.

සමාජ මාධ්‍යවල සටහන් තබමින් විරෝධතාකරුවන් කියා සිටියේ අද පෙරවරු 8ට විශ්ව විද්‍යාල ආරක්ෂකයින් විසින් තමන්ට පිටව යන ලෙස නියෝග කරමින් ලිපියක් භාර දුන් බවයි.

එතැන් සිට ආරක්ෂක නිලධාරීන් කඳවුර වටා රැකවල් යොදාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

අද උදෑසන නිකුත් කරන ලද මෙම දැනුම්දීම කඳවුරු ඉවත් කිරීමට දුන් නියෝගයක් වන අතර විරෝධතාකරුවන්ට පාලනාධිකාරිය සමග සාකච්ඡා කළ නොහැකි බව අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලයේ පහසුකම් සහ සේවා අධ්‍යක්ෂ ජෙරමි මැතිව්ස් පෙන්වා දුන්නේ මෙම ප්‍රදේශයේ කඳවුරු අඛණ්ඩව පැවතීම කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ ආරක්ෂාවට පිළිගත නොහැකි අවදානමක් ඇති කරන බවයි.

ඒවා ඉවත් කිරීමට අවසර දීමට තමාට බලය ඇති අතර අවශ්‍ය වුවහොත් පොලිසිය කැඳවන බවත් ඔහු අවධාරණය කළා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »