Search

මෙල්බන් පාසලකට මරණ තර්ජන

මරණ තර්ජනයක් එල්ල වීමෙන් පසු තම පාසලේ සිසුන් දැඩි බියට පත් වී ඇති බව මෙල්බර්න් හි විශාලතම යුදෙව් පාසලේ විදුහල්පතිවරයා පවසනවා.

ඔස්ට්‍රේලියාවේ යුදෙව් නායකයින් ද පවසන්නේ තමන් දශක කිහිපයක සිට දරුණුතම යුදෙව් විරෝධීත්වය අත්විඳින අතර රජය මීට මැදිහත් විය යුතු බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ මවුන්ට් ස්කොපස් අනුස්මරණ විද්‍යාලයේ දොරටුව අසල මරණ තර්ජන සහිත ප්‍රකාශ සටහන් කර ඇති බව සඳහන්.

මෙම සිදුවීම වාර්තා වන්නේ පසුගිය මාස කිහිපය තුළ ඔස්ට්‍රේලියාව පුරා දැක ගැනීමට ලැබුණු යුදෙව් විරෝධීවාදයේ ප්‍රතිඵලයක් ලෙස බව පාසල් විදුහල්පතිවරයා පෙන්වා දෙනවා.

තම සිසුන්ට තවදුරටත් ආරක්ෂිත බවක් නොදැනෙන බැවින් පාසලේ ආරක්ෂාව වැඩි කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මෙම පාසල වසර 75 කට පෙර සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් අය විසින් පිහිටුවන ලද අතර ඔවුන්ගේ අභිප්‍රාය වූයේ යුදෙව්වන්ට ආරක්ෂිත පාසලක් නිර්මාණය කිරීමයි.

මෙල්බන් යුදෙව් පාසලට එල්ලවූ මරණ තර්ජන සිදුවීම පිළිබඳ වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »