2024 IPL ශූරතාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද සමත්වුණා.

ඒ මෙවර තරගාවලියේ ප්‍රතිවාදීන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දෙමින්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකක දී IPL ශූරතාව ජයගෙන ඇති අතර හයිද්‍රභාද් පිළ වසර 6කට පසුව අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.

කොල්කටා කණ්ඩායම අවසන් වරට IPL ශූරයන් ලෙසින් කිරුළු පළඳිනු ලැබුවේ 2014 වසරේදීයි.

චෙන්නායි හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 23ක් රැස් කළ අතර ඒඩ්න් මැක්රම් ලකුණු 20ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, හර්ෂිට් රනා කඩුලු 2 බැගින් දවා ගත් අතර ඇන්ඩ්‍රි රසල් කඩුලු 3ක් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 114ක්.

ඔවුන් පන්දුවාර 10යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කොල්කටා කණ්ඩායමේ නායකත්වය ශ්‍රෙයාස් අයියර් විසින් මෙහෙයවනු ලැබූ අතර හයිද්‍රභාද් කණ්ඩායම මෙහෙය වූයේ පැට් කමිංග්ස් විසින්.

IPL ඉතිහාසයටම එක් කිරුළකට හිමිකම් කියන සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම 2016 වසරෙන් පසු ශූරතාවක් දිනා නොමැති අතර ඔවුන් අවසන් වරට 2018 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවත් අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවුණා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »