මාස ගණනකට පසු හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලට ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ටෙල් අවිව් ප්‍රදේශයට හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් සඳහන්.

පසුගිය ඔක්තෝම්බර් 7 වනදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා නගරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මෙලෙස ටෙල් අවීව් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් දකුණු ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් එල්ල වූ රොකට් ප්‍රහාර අටක් පමණ විනාශ කිරීමට පියවර ගත් බව ඊශ්‍රායල හමුදාව සඳහන් කළා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »