ඔස්ට්‍රේලියාවේ ඖෂධ හිඟයකින් දැඩි බලපෑම්

ඔස්ට්‍රේලියාවේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඖෂධ 400කට අධික ප්‍රමාණයක් රෝගීන්ට ලබා ගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

දැනට ඖෂධ 424ක් හිඟ ඖෂධ දත්ත ගබඩාවේ ලැයිස්තුගත කර ඇති අතර ඒවායින් අවම වශයෙන් 20ක් ඉතා අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

හිඟයේ ඇති ඖෂධ අතරට මානසික ආබාධ සඳහා ප්‍රතිකාර කෙරෙන ඖෂධ, ශ්වසන ආසාදන සඳහා ගැනෙන ප්‍රතිජීවක වර්ග මෙන්ම විෂාදය සඳහා භාවිත කෙරෙන ඖෂධ වර්ග ද වන බව සඳහන්.

දරුණු වේදනාවන් පාලනය කිරීම සඳහා භාවිතා කරන දියරයක් වන ඕඩින් ද පෙබරවාරි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ නොමැති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

චිකිත්සක භාණ්ඩ පරිපාලන නිලධාරීන් කියාසිටියේ මෙම හිඟයන් සඳහා ප්‍රාදේශීය මට්ටමේ බාධා සහ COVID-19 ව්‍යාප්ති තත්වයන් හේතු වී ඇති බවයි.

මේ හේතුවෙන් අවදානමට ලක්විය හැකි රෝගීන් වඩාත් බලපෑමට ලක්ව ඇති බැවින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඖෂධවේදීන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රට තුළ පවතින ඖෂධ සැපයුම් හිඟතාව මගින් රෝගීන්ට අපහසුතා ඇති වීමට ඉඩ නොදී රජය වඩා හොඳ උපාය මාර්ගයක් ගත යුතු බවයි ඔවුන් අවධාරණය කළේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »