පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

පසුගිය සිකුරාදා ඇති වූ මෙම නාය යාමෙන් 67 කට වැඩි පිරිසක් මිය ගිය බවයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් තහවුරු කර ඇත්තේ.

පැපුවා නිව්ගිනියාවේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානී සෙර්හාන් ඇක්ටොප්‍රැක් පැවසුවේ බලපෑමේ පරිමාණය මුලින් සිතුවාට වඩා බෙහෙවින් වැඩි බවයි.

නවතම ඇස්තමේන්තුවලට අනුව නිවාස 150 කට වැඩි ප්‍රමාණයක් මීටර් හයේ සිට අට දක්වා වූ ගැඹුරක සුන්බුන්වලට යටවී තිබෙනවා.

එංගා පළාතේ ආපදා කලාපය ආශ්‍රිත භූමි ප්‍රදේශය අනතුරුදායක සහ අස්ථායීව පවතින අතර දිවි ගලවා ගත් 1,250ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ඇතැයි සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය ආයතන, පොලිසිය සහ හමුදා නිලධාරීන් තවදුරටත් සුන්බුන් අතර අතුරුදන් වුවන් සොයා මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »