මෙල්බන් විශේෂඥයන් පිරිසකගෙන් දියවැඩියාවට වෙනස් ප්‍රතිකාරයක්

දියවැඩියාව පාලනය සඳහා රෝගීන්ගේ සිරුරු තුළින්ම ඉන්සියුලින් නිෂ්පාදනය සඳහා නවතම අත්හදා බැලීමක් මෙල්බන් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබෙනවා.

දැනට දියවැඩියා රෝගය පාලන සඳහා ඉන්සියුලින් එන්නත් කිරීම සිදු කෙරෙන අතර නව පරීක්ෂණය මගින් රෝගීන්ගේ සිරුර තුලින්ම ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම අරමුණයි.

දියවැඩියාව තුළින් අග්න්‍යාශට බලපෑම් සිදුවන අතර හානියට පත් අග්න්‍යාශ සෛල තුළින් ඉන්සියුලින් ප්‍රතිජනනය කළ හැකි ඖෂධ දෙකක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත්ව ඇතැයි සඳහන්.

මෙම ඖෂධ ඉන්සියුලින් මත යැපෙන රෝගීන් සඳහා වඩාත් සාර්ථක වන අතර අනෙක් දියවැඩියා රෝගීන් සඳහා සියයට 30ක බලපෑමක් සිදුවනු ඇති.

මේ අතර අදාළ ඖෂධය ඇමරිකා එක්සත් ජනපදයේ අනුමත පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධයක් වන අතර එය ලබා ගැනීමෙන් පැය 48 වැනි කාලයක් තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිපදවනු ඇති.

දියවැඩියා ප්‍රතිකාර සඳහා දැනට පවතින ඖෂධ මඟින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන නමුත් ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිශ්පාදනයක් සිදු කෙරෙන්නේ නැහැ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »