පාසල් ප්‍රතික්ෂේප කරන ළමයින් සංඛ්‍යාව ඉහළට?

ඔස්ට්‍රේලියාවේ ළමයින් පාසැල් යාම ප්‍රතික්ෂේප කිරීමේ සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් පවතින බව නවතම වාර්තා මඟින් හෙළිව තිබෙනවා.

පසුගියදා නිකුත් කළ සෙනෙට් වාර්තා මඟින් පෙනී ගොස් ඇත්තේ කොවිඩ් වසංගතයෙන් අනතුරුව ළමුන් පාසැල් ප්‍රතික්ෂේප කිරීමේ අගය ඉහළ ගොස් ඇති බවයි.

මෙම තත්වය පාලනය සඳහා ඉදිරි මාස 12ක කාලසීමාව තුළ අධ්‍යාපන පද්ධතිය නගා සිටුවීමට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවදානය යොමුව තිබෙනවා.

වාර්ෂිකව අධ්‍යාපන පද්ධතියට එක්වන ළමුන් සංඛ්‍යාවට සාපේක්ෂව ළමුන් දහස් ගණනක් අධ්‍යාපනය නිම කිරීමට පෙර පාසල් පද්ධතියෙන් ඉවත්වීම බරපතල තත්වයක් බවයි සඳහන් වන්නේ.

සෑම ළමයෙකුටම අවශ්‍ය මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය බව මෙරට අධ්‍යාපනඥයින් පෙන්වා දෙන අතර අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් වන ළමුන් සඳහා විකල්ප අධ්‍යාපන පරිසරයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »