LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

ලොව පුරා සිටින ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන මෙම තරගාවලිය ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන කිහිපයකදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරඟාවලි සංවිධායකයින් පෙන්වා දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය නාමයක් වන මයිකල් ක්ලාක්ගේ මෙම පත් කිරීම තුළින් තරඟාවලියට වැඩි වටිනාකමක් එක් කරන බවයි.

දශකයකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ඔහු ටෙස්ට් සහ එක්දින යන අංශ දෙකෙහිම ජාතික කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.

එමෙන්ම 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ ඓතිහාසික ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද මයිකල් ක්ලාක් විසිනුයි.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු නායකයා සඳහන් කළේ තමන් ක්‍රීඩා කිරීමට කැමති රටක් වන ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නොඉවසිල්ලකින් බලා සිටින බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් 2024 සඳහා නව හිමිකාරිත්වය යටතේ පැමිණෙන දඹුල්ල කණ්ඩායම ද ඇතුළුව තරඟකාරී කණ්ඩායම් පහක් එක් වනවා.

තරඟාවලි සංවිධායකයන් කියාසිටියේ මෙම තරඟාවලියේ අරමුණ වන්නේ නැගී එන දක්ෂයින් පෝෂණය කිරීම, ක්‍රීඩාශීලිත්වය පෝෂණය කිරීම සහ ලොව පුරා සිටින රසිකයින් සඳහා උසස් තත්ත්වයේ ක්‍රිකට් විනෝදාස්වාදය ලබා දීම බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »