වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ගිප්ස්ලන්ඩ් වෙත රැස්ව සිටින විරෝධතාකරුවන් පෙන්වා එන්නේ තවත් වනෝද්‍යාන පිහිටුවීම මගින් තමන්ට වනාන්තරවලට ප්‍රවේශය අහිමි වන අතර මසුන් ඇල්ලීම, දඩයම් කිරීම සහ කඳවුරු බැඳීම වැනි ක්‍රියාකාරකම් ද සීමා වනු ඇති බවයි.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙය යෝජනාවක් පමණක් වන අතර එය ක්‍රියාත්මක වීමක් මෙතෙක් ප්‍රකාශ කර් නොමැති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තර කිහිපයක් ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමේ යෝජනාව යටතේ මධ්‍යම කඳුකරයේ දැනට පවතින ආරක්ෂිත වනාන්තරවලට හෙක්ටයාර 355,000ක් පමණ එකතු කෙරෙනු ඇති.

කුඩා ප්‍රමාණයේ ජාතික වනෝද්‍යාන ගණනාවක් එකතු කර මහා ජාතික වනෝද්‍යානය පිහිටුවීමටයි සැලසුම වී ඇත්තේ.

අද රැලියට සහභාගී වූ ජනතාව කනස්සල්ල පළ කළේ මෙම සැලැස්ම ඉදිරියට ගියහොත් තමන්ට මෙම ප්‍රදේශවලින් ඈත් වී සිටීමට සිදු වනු ඇති බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »