ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

එහි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

ඩොලර් 1800ක ප්‍රසාද දීමනාවක් Centrelink වෙතින් ගෙවන බවට සිදු වෙමින් පවතින මෙම වංචාව ගැන අවධානයෙන් සිටින ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දී තිබෙනවා.

ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ නිල නොවන වෙබ් අඩවි මගින් විශ්‍රාම වැටුප් ලබන්නන් අතර මෙම ව්‍යාජ ගෙවීම් පිළිබඳ නොමඟ යවන තොරතුරු හුවමාරු කර ගන්නා බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන පණිවුඩ මගින් කිසියම් ලින්ක් එකක් ක්ලික් කිරීම තුලින් එම වෙබ් අඩවි වෙත පිවිසී තොරතුරු ලබා ගෙන මෙම වංචා සිදුවන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

විශ්‍රාම වැටුපට අමතරව ඩොලර් 1800ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන බැවින් ඒ සඳහා සුදුසුකම් ලබා ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අදාළ සබැඳි ක්ලික් කරන ලෙසට දැනුම් දෙමිනුයි මෙම වංචාව සිදු කරනු ලබන්නේ.

වෙබ් අඩවි URL එක ඩොට් ජී ඕ වී ඩොට් ඒ යූ වලින් (.gov.au) අවසන් නොවන්නේ නම්, එය රජයේ නිල වෙබ් අඩවියක් නොවන බව සෙන්ටර්ලින්ක් ආයතනය අවධාරණය කළා.

තම ආයතනය ඕනෑම ගෙවීමක් හෝ සේවාවක් වෙනස් කරනා විට සියලු දෙනාට දැනුම් දෙන අතර ඒ පිළිබඳ නිල වෙබ් අඩවියේ සහ නිල සමාජ මාධ්‍ය නාලිකාවල ප්‍රසිද්ධියට පත් කරන බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර ස්කෑම් වොච් සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා කාලය තුල ඔස්ට්‍රේලියානුවන් මෙවැනි වංචාවන් නිසා ඩොලර් මිලියන 92ක පමණ පාඩුවක් සිදු කරගෙන ඇති බවයි.

2023 දී ඔස්ට්‍රේලියානුවන්ට මෙවැනි අන්තර්ජාල වංචා හමුවේ අහිමි වී ඇති මුදල ඩොලර් බිලියන 2.74ක අධිකයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »