පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලුම පොදු ප්‍රවාහන ගාස්තු ශත 50ක ගාස්තුවක් ගෙවීමෙන් ලබා ගත හැකි වනු ඇති.

ප්‍රාන්ත අගමැති ස්ටීවන් මයිල්ස් අද උදෑසන නිවේදනය කළේ අගෝස්තු 5 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා දුර ප්‍රමාණය නොසලකා ප්‍රාන්තයේ සියලුම ට්‍රාන්ස්ලින්ක් සේවා සඳහා නව ගාස්තුව අදාළ වන බවයි.

මෙම අත්හදා බැලීමේ වැඩසටහන හේතුවෙන් ජනතාවට අනෙකුත් බිල්පත් සඳහා වෙන් කිරීමට ඩොලර් දහස් ගණනක් ඉතිරි කිරීමට හැකි වනු ඇති බව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙලෙස සහන ලබා දුන්න ද ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනය තවමත් පුර්ව කොවිඩ් සමයේ පැවති තත්වයට ළඟා වී නොමැති බව ද අගමැතිවරයා පෙන්වා දෙනවා.

මෙම ශත 50 ගාස්තු අත්හදා බැලීම තුළින් ජනතාවට නැවත පොදු ප්‍රවාහනයට යාමට හේතුවක් නිර්මාණය වීම මෙන්ම සෑම කෙනෙකුටම එයින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මාර්ගයේ එක් බස් රථයක් ධාවනය කිරීම මගින් මෝටර් රථ 50ක් මාර්ගයෙන් ඉවත් කළ හැකි බවට ඇස්තමේන්තු කර ඇති අතර ප්‍රධාන මාර්ගයක යන සෑම දුම්රියක් හේතුවෙන්ම මෝටර් රථ 600ක් අඩු කිරීමට හැකි බව නියෝජ්‍ය අගමැති කැමරන් ඩික් සඳහන් කළා.

මෙම ගාස්තු අඩු කිරීම මගින් රථ වාහන තදබදය ද අඩු වන්නේ නම් එය මාස 6කින් පසු ස්ථිර කිරීමට සැලසුම් කර තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »