ඉන්දියාවේ ගින්නකින් ජීවිත 27ක් අහිමි වෙයි

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද පමණ සිටින බවටයි වාර්තා වී ඇත්තේ.

මේ වන විට සිරුරු 27 රෝහල වෙත යවා ඇති අතර ඇතැම් සිරුරු තවමත් ගොඩ ගනිමින් පවතින බවයි රාජ්කොට් පොලිස් කොමසාරිස් රාජු භාර්ගවා ප්‍රකාශ කළා.

තවත් පිරිස් සුන්බුන් අතර තවමත් සිරවී සිටින බවට සැකයක් පවතින අතර දැඩි ලෙස පිළිස්සුණු මළ සිරුරු හඳුනා ගැනීම ද දුෂ්කර වී ඇති බව සඳහන්.

ඊයේ දහවල් මෙම ගින්න හටගෙන ඇත්තේ එම ක්‍රීඩා මධ්‍යස්ථානය කුඩා ළමුන් සහ තරුණයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ අවස්ථාවකදී යි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගුජරාට් මහ ඇමති භූපේන්ද්‍ර පටෙල් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සේවිමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බවයි.

රාජ්කොට් හි ඇති වූ මෙම ගින්නෙන් තමා අතිශයින්ම ශෝකයට පත් වූ අතර විපතට පත්වූවන්ට තම ශෝකය පළ කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »