Search

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

සෙන්ට් ඇල්බන්ස්හි මෙම ගැටුම සිදුව ඇති අතර තුවාලකරුවන් දෙදෙනා ඒ ආසන්නයේ රෝහලකට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිහි ඇනුමට අදාළව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ රාත්‍රී 8ට පමණ සිදු වූ මෙම ගැටුමට පුද්ගලයන් 10 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවයි.

එම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වාහනයක් එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර එම නාඳුනන වාහනයෙන් තුවාල ලැබූවන් අසල පිහිටි රෝහලකට දමා ගොස් ඇතැයි සඳහන්.

මෙම තරුණයන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබුණ ද ජීවිතයට තර්ජනයක් නොමැති බවයි වෛද්‍යවරුන් ප්‍රකශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වන මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »