නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු ICN New Zealand ජාතික ශූරතාවලිය සඳහා ද තේරී පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම ශුරතාවලියට තේරී පත්වී ඇත්තේ, ICN New Zealand Natural Body Building Federation විසින් සංවිධානය කරන ලද කායවර්ධන තරගයකට සහභාගී වී ජයග්‍රහණය කරමින්.

පසුගිය 19 වනදා නවසීලන්තයේ ටවුපෝ නගරයේදී මෙම තරගය පවත්වා තිබූ අතර ධනුක මාලිංග එම තරගයේදී රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

Men’s Physique Novice Class 1 අංශයේ රන් පදක්කම සුලාරට හිමි වූ අතර එම අංශයේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ නවසීලන්තයේ සිටින ශ්‍රී ලංකික තරුණයෙක් වන තරිඳු සිල්වා යි.

Men’s Physique First Timer Class 1 අංශයෙන් සුලාර රිදී පදක්කම දිනා ගත්තා. එමෙන්ම Men’s Fitness First Timer තරඟ අංශයේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ ද සුලාර ධනුක විසින්.

Men’s Fitness Novice අංශයේ ද පළමු ස්ථානය ඔහුට හිමි වුණා. එහි දෙවන ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකික කාය වර්ධන ක්‍රීඩකයෙක් වන කසුන් පීරිස් විසින්.

Men’s Physique 30+ අංශයේ තුන්වන ස්ථානය ද කසුන් පීරිස් විසින් දිනාගෙන තිබෙනවා.

මෙම තරගය සඳහා සුලාර ධනුක ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙකු වන යොහාන් සෙත් යටතේ පුහුණුවීම් ලබා තිබූ බව සඳහන්.

සුලාර ධනුක මාලිංග දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ඔහු දැනට වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයකු ලෙස නවසීලන්තයේ රැකියාවක නිරත වෙමින් සිටිනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »