මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

එන්ගා පළාතේ කඕකලම් නම් දුෂ්කර ගම්මානයට බලපෑ මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 4,000කට වැඩි පිරිසකට සෘජු බලපෑම් එල්ලවී ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියා රජය පෝට් මෝර්ස්බි සහ බ්‍රිස්බේන් සිට පැපුවා නිව්ගිනි රාජ්‍යයට ආධාර සැපයුම් යැවීම ආරම්භ කර ඇති අතර ඒ වෙනුවෙන් අරමුදල් ද ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

එක් නිවසක පුද්ගලයින් 15 දෙනෙකු පමණ සිටි නිවාස 60ක් පමණ නාය යෑමට ලක්ව ඇති බවට විශ්වාස කෙරෙනවා.

නාය යාමේ සුන්බුන් මීටර් හයත් අටත් අතර ගැඹුරකින් යුක්ත වන අතර එම පළාතට ඇතුළු වන ප්‍රධාන අධිවේගී මාර්ගයේ මීටර් 150ක් ඇතුළුව වර්ග කිලෝමීටර් 200කට වඩා වැඩි ප්‍රදේශයකට බලපා තිබෙනවා.

සුන්බුන් අතරින් මෙතෙක් සොයාගෙන ඇත්තේ සිරුරු හයක් පමණක් වන අතර 300 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවටයි සැක කෙරෙනවා.

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ද විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ අතර සමාජ මාධ්‍ය සටහනක් මගින් ඔහු කියාසිටියේ විපතට පත්වූවන්ට සහය වීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නාය යෑමෙන් සිදු වූ ජීවිත හානි සහ විනාශය පිළිබඳ තමා කම්පා වන බවයි.

ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන්ට සහාය වීමට එක්සත් ජනපද රජය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »