විශ්ව රූ රැජින ඉතිහාසය වෙනස් කළ පිලිපීන සුරූපිණිය

පිලිපීනයේ විශ්ව රූ රැජින ඉතිහාසය වෙනස් කිරීමට චෙල්සි මැනලෝ (Chelsea Manalo) නම් 24 හැවිරිදි රූමතිය සමත්ව තිබෙනවා.

ඒ පිලිපීනයේ විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් පළමු කළු ජාතික කාන්තාව බවට පත්වෙමින්.

පිලිපීන මවකට සහ අමෙරිකානු පියෙකුට දාව උපත ලද ඇය කලක් තිස්සේ රට තුළ පැවති සාම්ප්‍රදායික රාමුව බිඳ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණේ ‘මැනලෝගේ ජයග්‍රහණය සිය ජාතිය තුළ වූ සුන්දරත්වය වඩාත් ඉස්මතු කරවන බවයි.

චෙල්සි මැනලෝ මෙම ඓතිහාසික ජය ලබාගෙන තිබුණේ තවත් සුන්දර රූමතියන් 52ක් හට අභියෝග කරමින්.

වයස අවුරුදු 14 දී නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට පටන්ගෙන ඇති චෙල්සි මැනලෝ 2017 වසරේ ලෝක රූ රැජින තරගාවලියේ දී පිලිපීනයේ හොඳම 15 දෙනා අතරට ද පැමිණ ඇති බව සඳහන්.

ඇය මෙම ජයග්‍රහණයත් සමග මේ වසර අග මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 73 වැනි විශ්ව රූ රැජින තරගයෙහි පිලිපීනය නියෝජනය කරන පළමු කළු ජාතික සුරූපිනිය බවට පත් වනු ඇති.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »