ඇමරිකාවෙන් වික්ටෝරියා ප්‍රාන්තයට තහනමක්

ඇමරිකා එක්සත් ජනපදය වික්ටෝරියා ප්‍රාන්තයෙන් සිදු කරනු ලබන සියලුම කුකුළු නිෂ්පාදන ආනයනය තහනම් කර තිබෙනවා.

ගොවිපළ දෙකකින් කුරුළු උණ හඳුනා ගැනීමත් සමගයි එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම තහනම පනවා ඇත්තේ.

කුරුළු උණ ලෙස පොදුවේ හඳුන්වන H7N3 වෛරස් ප්‍රභේදය පසුගිය බදාදා මෙල්බර්න් නගරයට ආසන්න මෙරිඩිත් හි බිත්තර ගොවිපලකින් හඳුනා ගනු ලැබුවා.

H7N3 යනු කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ බරපතල තත්වයක් වන අතර වෛරසය පැතිරීම හේතුවෙන් මෙරිඩිත් ගොවිපලේ සතුන් 400,000ක් මියගොස් ඇතැයි සඳහන්.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව හා ශාක සෞඛ්‍ය පරීක්‍ෂණ සේවය ප්‍රකාශ කළේ කුකුළු මස්, වාණිජ පක්ෂීන්, බිත්තර, සකස් නොකළ කුරුළු නිෂ්පාදන සහ ඇතැම් නැවුම් කුකුළු නිෂ්පාදන වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආනයනය කිරීම සීමා කරන බවයි.

මේ අතර ප්‍රාන්තයේ තවදුරටත් ආසාදන වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වික්ටෝරියානු ගොවි සම්මේලනයේ උප සභාපති ඩැනියෙල් කුසිනෝටා සඳහන් කර තිබෙනවා.

අපනයන සීමා කිරීම් ගොවීන්ට කිසිවිටෙක සුබ ආරංචියක් නොවන අතර තම අවධානය යොමුව ඇත්තේ අනෙක් ගොවිපලවල පැතිරීම පාලනය කිරීම කෙරෙහි බවයි ඔහු සඳහන් කළේ.

වික්ටෝරියානු රජයේ සංඛ්‍යාලේඛන පවසන්නේ 2021-2022 මුල්‍ය වර්ෂය තුළ ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 36ක් වටිනා කුකුළු නිෂ්පාදන අපනයනය කර ඇති බවයි.

එය ප්‍රාන්තයේ සමස්ත ආහාර අපනයනයෙන් සියයට 2.5ක් බව සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »