මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව අවට සාගරයේ මත්ස්‍ය විශේෂ 5,189ක් දක්නට ලැබෙන අතර එය ලොව සමස්ත මසුන් විශේෂ ප්‍රමාණයෙන් සියයට 15.13ක් නියෝජනය කරන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

වර්ල්ඩ් රේන් ෆොරස්ට් වෙබ් (World rain forest web) අඩවිය විසින් ලොව පුරා මත්ස්‍ය විවිධත්වය සහිත රටවල් 10 නම් කර තිබුණා.

එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට පළමු ස්ථානය හිමිවූ අතර මත්ස්‍ය විශේෂ 5014ක් සමගින් ඉන්දුනිසීයාව දෙවන තැන හිමිකරගෙන තිබෙනවා.

ඉන්දුනිසියාවේ මත්ස්‍ය ප්‍රමාණය ලොව පුරා සමස්ත මසුන් ප්‍රමාණයෙන් සියයට 14.62ක් බව සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමට අනුව බ්‍රසීලය තුන්වන ස්ථානයටත් ජපානය 4වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

චීනය මත්‍සය විශේෂ 3838කට හිමිකම් කියමින් ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානයටත් පිලිපීනය 6වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

ඉන්දියාව මත්ස්‍ය විශේෂ 2860ක් සමගින් 10වන ස්ථානයට පත්වී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මෙම මත්ස්‍ය සංගණනය 2023 වසරේ දෙසැම්බර් මාසයේ දත්ත මත පදනම්ව නිකුත්කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »