සිඩ්නිවලට සංචාරකයන් ගෙන්වා ගන්න අලුත් වැඩසටහනක්

සිඩ්නි නගරයට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් බටහිර සිඩ්නි කවුන්සිල සමූහයක් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

බටහිර සිඩ්නි කවුන්සිල බල ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය යොමු වන ස්ථාන සමූහයක් සංචාරකයින් වෙත ප්‍රචාරණය කිරීම ආරම්භ කර ඇත්තේ ප්‍රදේශයට වැඩි නරඹන්නන් ගෙන්වා ගැනීමේ අරමුණ සහිතවයි.

වනාන්තර ප්‍රදේශ, වැව්, බෝට්ටු සංචාර, අලංකාර වෙරළ තීරයන්, විවිධ ආහාර සහ පාන වර්ග වැනි සංචාරකයන් වැඩි වශයෙන් ඇලුම් කරන දෑ ප්‍රවර්ධනයට සිඩ්නි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

බටහිර සිඩ්නි කවුන්සිලය මෙම ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 2ක මුදලක් වෙන්කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම සංචාරක ප්‍රවර්ධනයට පෙර රථ වාහන ගාල් කිරීමේ පහසුකම් මෙන්ම ගොඩනැගිලි සහ නවාතැන් පහසුකම් ඇතුලු කරුණු සම්බන්ධයෙන් ද බලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »