ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වූ යුධ ගැටුම් අලලා රචනා කළ මෙම කෘතිය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් 150,000ක ත්‍යාග මුදලක් හිමිව ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකා රජය සහ LTTE සංවිධානය අතර වූ දරුණු යුධ ගැටුම් තුළ තරුණ වෛද්‍යවරියක් ලැබූ අත්දැකීම් මෙම කෘතියෙහි අන්‍තර්ගත වනවා.

ශ්‍රී ලාංකීය සමාජය සහ මිලිටරීකරණය පිළිබද මෙහි අන්තර්ගතයන් වඩාත් අලංකාර ලෙස ලියා ඇති බවට ත්‍යාගය පිරි නැමූ ජූරි සභාව ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

ගනේෂානන්දන්ගේ ගනේෂානන්තන්ගේ සහෝදරයෙක් නැති රාත්‍රිය කෘතිය 1981 වසරේදී වෛද්‍යවරියක් වීමට කැමති ශෂී නම් තරුණියක් කේන්ද්‍ර කර ගනිමින් රචනා වී තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකා රජය සහ LTTE ත්‍රස්තවාදීන් අතර ගැටුම හේතුවෙන් ඇගේ සිහින බොඳවී ගිය ආකාරය මෙමගින් ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »