Search

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

ඔවුන් සියලුදෙනා මියගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙම දැවැන්ත නායයෑමෙන් පීඩාවට පත් ගම්මාන වෙත ළඟා වීමට හදිසි සේවා කණ්ඩායම් තවමත් කටයුතු කරමින් සිටින බව සඳහන්.

වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් එක් කණ්ඩායමක් නාය ගිය ස්ථානයට ළඟා වීමට සමත් වූ බව කෙයාර් ඔස්ට්‍රේලියා මානුෂීය ඒජන්සිය ප්‍රකාශ කළා.

දුෂ්කර භූමි ප්‍රදේශ සහ ප්‍රධාන මාර්ගවලට හානි වීම හේතුවෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දුෂ්කර වී ඇති අතර අධිවේගී මාර්ග ප්‍රවේශය ද අවහිර වී ඇති බැවින් හෙලිකොප්ටරයකින් පමණක් ප්‍රදේශයට ළඟා විය හැකි බවයි වාර්තා වන්නේ.

ඊයේ සවස 03ට පමණ එංගා කඳුකරයේ නිවාස සිය ගණනක් නාය ගිය අතර සුන්බුන් යට කොපමණ පිරිසක් සිරවී ඇත්ද යන්න මෙතෙක් නිශ්චිතව ගණනය කර නැහැ.

එංගා පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසුවේ නාය යාමට පෙර එම ප්‍රදේශයේ වාර්තා මත පදනම්ව පුද්ගලයින් 300කට වැඩි පිරිසක් සහ නිවාස 1,182ක් නාය යෑමට හසුවී ඇති බවයි.

ගම්මානයේ සමහර නිවාස නාය යෑමෙන් බේරී ඇති නමුත් ව්‍යසනයේ පරිමාණය අනුව මියගිය සංඛ්‍යාව 300ට වඩා වැඩි විය හැකි බවට සැක කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »