හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා පාසල් සිසුන්ට මෙවැනි කෑම වර්ග ලබාදුන් අවස්ථා කිහිපයක්ම අවට පිරිස් දැක ඇති බවයි පැවසෙන්නේ.

හොබාර්ට් හි දකුණේ ප්‍රාථමික පාසල් සිසුන්ට කිහිප වතාවක්ම සුදු වෑන් රථයකින් පැමිණි මෙම සැක සහිත පුද්ගලයා පැණි රස කෑම ලබාදීම හේතුවෙන් බලධාරීන් දෙමාපියන්ට ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

අවුරුදු 70ක් පමණ වයස බවට සැක කෙරෙන ඔහු පසුගිය සිකුරාදා ද පාසල ආරම්භයට පෙර දකුණු හෝබාර්ට් හි බස් නැවතුම් පොළවල් දෙකක් අසල දක්නට ලැබුණු බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයා සුදු වෑන් රථයක් පදවාගෙන ගොස් හොබාට් පාසලක් අසල ළමයින්ට ටොෆි වැනි පැණි රස කෑම වර්ග ලබාදීම සැක සහිත සිදුවීමක් ලෙසට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් කිසිදු දරුවෙකුට හානියක් හෝ පහරදීමක් සිදුවී නොමැති බව සඳහන්.

විශේෂයෙන් පාසල් අසල ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසටයි ප්‍රජා සාමාජිකයින්ට පොලිසිය අනතුරු අඟවා ඇත්තේ.

එමෙන්ම ආගන්තුකයන්ගෙන් සිදු විය හැකි අන්තරාය සහ පුද්ගලික ආරක්ෂක පියවර පිළිබඳව දරුවන් දැනුවත් කරන ලෙසට දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට ද උපදෙස් දී තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »