
නව යොවුන් වියේ පසුවන තරුණයෙකු රෝහල් ගත කළ මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රි 10.30ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තරුණයාගේ උඩුකය ප්‍රදේශයට වෙඩි තබා ඇති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධ නිශ්චිත තත්වයන් මෙතෙක් තහවුරු කර නොමැති බව සඳහන්.

සැකකරුවෙක් හෝ වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් පොලිසිය විසින් ප්‍රකාශ කර නොමැති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.
