ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු එම සත්වයා ඊයේ (24) නිදා සිටියදීම මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ක්‍රිප්ටෝ උන්මාදය පිළිබඳ උපහාසාත්මක විවේචනයක් ලෙස ආරම්භ වූ විකල්ප ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් වන ඩොජ්කොයින් හි (Dogecoin) මුහුණ ලෙස 2013 වර්ෂයේදී ජපන් සුනඛයෙක් වන කබෝසුගේ රුව භාවිතා කිරීම ආරම්භ කෙරුණා.

එහෙත් එය ප්‍රසිද්ධියට පත්වූයේ 2020 වසරේදී ප්‍රකෝටිපති එලෝන් මස්ක් එම කාසිය ප්‍රවර්ධනය කිරීමත් සමගයි.

2022 දී ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මිලදී ගත් ප්‍රකෝටිපති එලෝන් මස්ක් ට්විටර්හි නිල් පක්ෂියාගේ ලාංඡනය ඉවත් කර කබෝසුගේ රූපය භාවිතා කිරීමට පටන් ගත්තා.

ඒ සමගම Dogecoin හි වටිනාකම ඉහළ ගිය අතර පසුගිය වසරේ එහි වෙළඳපල වටිනාකමට ඩොලර් බිලියන 4ක් එකතු කර ඇති බව සඳහන්.

මේ වනවිට ඩොලර් බිලියන 23.6 ක පමණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිතව, Dogecoin දැන් නවවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් වර්ගය වනවා.

Meme සඳහා කැප වූ Crypto සංවිධානයක් වන Own The Doge විසින් කබෝසුගේ සහ ඇගේ සෝෆා සමූහයේ ඩොලර් 100,000ක් වටිනා ප්‍රතිමාවක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සකුරා හි උද්‍යානයක විවෘත කරනු ලැබුවා.

Sato සහ Own The Doge විසින් ජාත්‍යන්තර පුණ්‍යායතන සඳහා විශාල මුදලක් පරිත්‍යාග කර ඇති අතර, දරුවන් සුරැකීමට ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් ද පරිත්‍යාග කර තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ එය තමන්ට මෙතෙක් ලැබී ඇති විශාලතම ක්‍රිප්ටෝ දායකත්වය බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »