
පර්ත්හි ෆ්ලෝරේට් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය මෙම නිවසට පැමිණීමට පෙර වෙඩි ශබ්ද අටක් පමණ ඇසුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඊයේ සවස 4.30 ට පමණ තුවක්කුකරු නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා තමා ද වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගෙන ඇති බවයි.
තුවාල ලබා සිටි තරුණියක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝයල් පර්ත් රෝහල වෙත ගෙන ගිය අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මියගොස් ඇතැයි සඳහන්.

මියගොස් ඇති තරුණියගේ වයස මෙතෙක් හෙළිවී නොමැති අතර මියගිය කාන්තාව සහ සැකකරු අවුරුදු 50 සහ 60 වයස්වල පසුවනවා.
වෙඩි තැබීම සිදු වූයේ ෆ්ලෝරේට් ෆෝරම් සාප්පු මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයක වන අතර ජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බවට පොලිසිය තහවුරු කර තිබෙනවා.
මෙම ඝාතනයන්ට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔවුන් එකිනෙකා හඳුනන අය බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.