මෙල්බන් තුන්වන තැනට දමා සිඩ්නි මුල් තැනට ගෙනා අලුත්ම සමීක්ෂණය

ලෝකයේ වඩාත්ම නිදහසේ සහ සාමකාමීව සංචාරය කළ හැකි නගරය ලෙස සිඩ්නි නුවර පළමු තැනට පත්ව තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම පදනම් කරගෙන ඇත්තේ ශබ්ද සහ ආලෝක දූෂණය, ඇවිදීමට ඇති මාර්ග සංඛ්‍යාව, විනෝදයට ඇති අවස්ථා, ගමනාගමනය, ජන ඝනත්වය සහ උද්‍යාන ඇතුළු සාධක මත පදනම්වයි.

ඒ අතරින් ලෝකයේ වඩාත්ම නිදහස් නගරය ලෙස සිඩ්නි නගරය ශ්‍රේණිගත කර ඇති අතර එහි අඩු ජන ඝනත්වය ඊට හේතුවක්.

එමෙන්ම මෙල්බර්න් නුවර ඇති උද්‍යාන 918ට සාපේක්ෂව අඩු උද්‍යාන ප්‍රමාණයක් සිඩ්නිහි පැවතුණ ද එහි විශාල ඇවිදීමේ මංපෙත් 681ක් ඇති බවයි සමීක්ෂකයන් පෙන්වා දී ඇත්තේ.

සිඩ්නිහි ගමනාගමන තත්වය අයහපත් වුව ද එය මෙල්බර්න් වලට වඩා තරමක් හොඳ බව සඳහන්.

මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා අගනුවරයි. එහි උද්‍යාන 172ක් මෙන්ම විනෝද වීමට අවස්ථා ඇති අතර ශබ්ද සහ ආලෝක දූෂණ මට්ටම අවම බවයි පැවසෙන්නේ.

වර්ග සැතපුමකට 1670ක ජනගහනයක් සිටියද එහි අඩු රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

ලෝකයේ වඩාත්ම නිදහසේ සහ සාමකාමීව සංචාරය කළ හැකි තුන්වන නගරය වන්නේ මෙල්බර්න් නගරයයි. Melbourneහි උද්‍යාන 918ක් සහ ඇවිදීමේ මංපෙත් 367ක් පවතිනවා.

වර්ග සැතපුමකට පුද්ගලයින් 194ක් වන ජන ඝනත්වය තිබුණ ද එහි රථවාහන තදබදය අයහපත් තත්වයක් බව සමීක්ෂකයන් සඳහන් කර තිබෙනවා.

හොනලුලු, ඇමස්ටර්ඩෑම්, කිඕටෝ, සැන් දියාගෝ, බර්ලින්, ඩබ්ලින් සහ පැරගුවේ යන නගර මෙම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙලින් 4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා නම්කර තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »