
ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂිතයන් AI තාක්ෂණය ඉගෙනීමේ වැඩි උනන්දුවක් දක්වන බවට නව සමීක්ෂණ මගින් අනවාරණ වී තිබෙනවා.
AI තාක්ෂණික දැනුම සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳපොල තුළ නිර්මාණය වී ඇති ඉහළ ඉල්ලුම ඊට හේතුව බවයි පැවසෙන්නේ.
නව පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ සේවා යෝජකයන් දැනටමත් AI අධ්‍යාපනය ලැබූවන් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර විවිධ කර්මාන්ත ආශ්‍රිතව AI හැකියාවන් සහිත රැකියා සඳහා ඉහළ වැටුප් ලබා දෙන බවයි.

සමස්තයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ AI කුසලතා ඉල්ලා සිටින රැකියා පුරප්පාඩු දැන්වීම් පළ කිරීම් ද ඉහළ ගොස් ඇති අතර ඊට සියයට හයක පමණ සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ද අයත්.
ඒ අතරින් වැඩිම වැටුපක් හිමිවන්නේ අධ්‍යාපන කළමනාකරුවන්ට වන අතර AI කුසලතා සහිත අධ්‍යාපන කළමනාකරුවන්ට සාමාන්‍යයෙන් එම ක්ෂේත්‍රයේ අනෙක් සේවකයන්ට වඩා සියයට 17කට වැඩි ආදායමක් අපේක්ෂා කළ හැකියි.

AI තාක්ෂණ කුසලතා සහිත පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරුවන්ට සියයට 15 දක්වා වැඩි වැටුප් ලබාදීමට සූදානම් බවයි පැවසෙන්නේ.
දත්ත නිර්මාණකරුවන් සහ පරිපාලකයින්ට එම ක්ෂේත්‍රයේ අනෙක් අයට වඩා සියයට 14ක වැඩි වැටුපක් හිමිවන බව සඳහන්.
AI කුසලතාවයෙන් හෙබි වෙළඳ ප්‍රචාරණ සහ අලෙවි වෘත්තිකයන්ට මෙම ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් සියයට 11ක් වැඩිපුර ගෙවනු ලබනවා.
මීට අමතරව සැපයුම් සහ බෙදා හැරීම්වලට අදාළ කළමනාකරුවන්, කාර්මික සහ නිෂ්පාදන ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ගුරුවරුන්, වෙළඳපල සමීක්ෂණ සහ පර්යේෂණ නිලධාරීන්, සිතියම් ශිල්පීන් සහ මිනින්දෝරුවන් මෙන්ම යාන්ත්‍රික ඉංජිනේරු යන ක්ෂේත්‍රවල ද මෙලෙස වැඩි වැටුප් හිමිවන බව වාර්තා වනවා.