මෙල්බන්වල තවත් ජනප්‍රිය අවන්හලක් වැසේ

මෙල්බර්න් හි දශක ගණනාවක් පුරා ජනප්‍රිය වී තිබූ තවත් ඉතාලි අවන්හලක් වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

කාල්ටන්හි රත්ඩවුන් ගම්මානයේ පිහිටා ඇති ලා ලූනා බිස්ට්‍රෝ අවන්හල අගෝස්තු 25 වන දින වසා දමන බවයි සඳහන් කර ඇත්තේ.

සූපවේදී ඇඩ්‍රියන් රිචඩ්සන් පැවසුවේ මෙම තීරණය සැහැල්ලුවෙන් නොගත් නමුත් නව ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇති බවයි.

වසර 20කට වැඩි කාලයක සිට තම අවන්හලට පැමිණෙන ගනුදෙනුකරුවන් සිටි අතර ඔවුන්ට ස්තුතිවන්ත වන බව හිමිකරු ප්‍රකාශ කළා.

මෙය තම කණ්ඩායමේ යුගයක අවසානය වුව ද ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ ඉතා සතුටු වන බවයි ඔවුන් සඳහන් කළේ.

ලා ලූනා බිස්ට්‍රෝ අවන්හලේ අවසන් දිනය සඳහා වෙන් කර ගැනීම් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා සිදු කිරීමේ හැකියාව පවතිනවා.

කාල්ටන් නෝර්ත් අවන්හල 1998 දී විවෘත කරන ලද අතර හිමිකරු පැවසුවේ ජූලි මාසයේදී ඩොක්ලන්ඩ්ස් හි විවෘත කිරීමට නියමිත පැස්ටා බැම්බිනෝ වැනි ව්‍යාපෘති කෙරෙහි තමා අවධානය යොමු කර මෙම තීරණය ගත් බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »