Search

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

නැවුම් පලතුරු සහ එළවළු ලබා ගැනීමට මිනිසුන් පැය ගණන් පෝලිම්වල සිටින අතර ඇතැමුන් ආහාර නොමැතිව දින ගෙවන බවයි වාර්තා වන්නේ.

දිවා ආහාරයට ලබා දීමට කිසිවක් නොමැති වීම හේතුවෙන් දෙමව්පියන් තම ළමයින් පාසල් යැවීමෙන් ද වැලකී සිටින බව සඳහන්.

මෙම තත්වය යුද්ධයෙන් විනාශ වූ ජාතියක් හෝ සාගතයට ලක්ව සිටින රටක් මුහුණ දෙන ගැටලුවකට සමාන වුව ද එය ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් සිදුවෙමින් පවතින බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ආහාර සහන සඳහා ඔස්ට්‍රේලියානුවන්ගේ අවශ්‍යතාවය වාර්තාගත මට්ටමක් කරා ළඟා වී ඇති අතර එය සැපයීමේ වගකීම පැවරී ඇති පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකටම එම ඉල්ලුම සපුරා ලීමට නොහැකි බවයි පැවසෙන්නේ.

මෙරට විශාලතම ආහාර සහන සංවිධානය වන ඔස් හාර්වස්ට් විසින් පුණ්‍යායතන 1500ක වාර්ෂික සමීක්ෂණය ඊයේ නිකුත් කළ අතර එමගින් ජීවන වියදම් අර්බුදය හමුවේ වඩාත් අවදානමට ලක්ව ඇති පුද්ගල සංඛ්‍යාව තොරතුරු දක්වා තිබෙනවා.

ඔස් හාර්වස්ට් ඇස්තමේන්තු කර ඇති පරිදි අවම වශයෙන් ඕස්ට්‍රේලියානුවන් 30,000ක් සෑම මසකම ආහාර නොමැතිව සිටින බව සඳහන්.

එවැනි තත්වයක් මත වුව ද උදව් ඉල්ලා නොසිටින තවත් දහස් ගණනක් ඇති බවයි වාර්තා වන්නේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »