Search

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්කෑන් පරීක්ෂණයකින් පසු හඳුනා ගත් සැක සහිත නැව් භාණ්ඩ පසුගිය සඳුදා සහ බ්‍රහස්පතින්දා අතර කාලයේ කළ පරීක්ෂාවකදීයි බහාලුම් තුනකින් මෙම දුම්වැටි 400,000කට ආසන්න ප්‍රමාණය සොයාගෙන ඇත්තේ.

එක් භාණ්ඩ තොගයක් අතර සඟවා තිබූ ඉලෙක්ට්‍රොනික දුම්වැටි නිෂ්පාදන 37,800ක් සඳුදා සොයා ගත් බව දේශසීමා බලකාය ප්‍රකාශ කළ අතර තවත් දුම්වැටි 174,960ක් සහිත පෙට්ටි 18ක් ද වෙනත් බහාලුමකින් සොයා ගැනුණා.

ඊට අමතරව බ්‍රහස්පතින්දා තුන්වන කන්ටේනරයේ තිබී තවත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි 177,120ක් සොයා ගත් බව සඳහන්.

ඇස්තමේන්තුගත වීදි වටිනාකම ඩොලර් මිලියන 12.4කට වඩා වැඩි සමස්ත දුම්වැටි ප්‍රමාණය 389,880ක් බවටයි ගණනය කර ඇත්තේ.

මෙම බහාලුම් තුනම ආසියානු කලාපීය රටකින් පැමිණි බව දේශසීමා බලකාය ප්‍රකාශ කළා.

එහි වැඩබලන වෙළඳ අණදෙන නිලධාරීවරයා පැවසුවේ නීතිවිරෝධී ලෙස රට තුළට දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි.

පලතුරු රසයන් සහ වර්ණවත් ඇසුරුම්වලින් නිපදවා තිබුණ ද මෙම ඉවත දැමිය හැකි ඉලෙක්ට්‍රොනික දුම්වැටි බහුතරයක් අධික ලෙස ඇබ්බැහි කරවන නිකොටින් අඩංගු බව හොඳින්ම තහවුරු වී ඇතැයි ද ඔහු අවධාරණය කළා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »