ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ග්ලීස් 12 බී (Gliese 12b) නමින් නම්කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන මෙතෙක් සොයා ගැනුණු ජීවත් වීමට සුදුසුම ග්‍රහලෝකය බවටයි උපකල්පනය කර ඇත්තේ.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇති අතර එතුළ 2022 වසරේ එක්සත් රාජධානියේ පැවැති උණුසුමට සමාන තත්ත්වයක් ඇති බවට පර්යේෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මෙම ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳු ද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

මෙම ග්‍රහලෝකයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව විද්‍යාඥයින් ප්‍රකාශ කළා.

වෝර්වික් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය තෝමස් විල්සන් පැවසුවේ මෙම සොයාගැනීම පෘථිවියට සමාන ග්‍රහලෝක පිළිබඳ පර්යේෂණයන්ට උපකාරයක් වනු ඇති බවයි.‍

ග්ලීස් 12 බී ග්‍රහලෝකය සෑම දින 12කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන අතර එය පෘථිවියට සමාන විශාලත්වයකින් ද යුක්ත බව සඳහන්.

මෙම ග්‍රහලෝකය මීන රාශියේ පිහිටා ඇති සිසිල් රතු වාමනයෙකු වන අතර පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය මෙන් 1.6 ගුණයක ශක්තියක් එහි තාරකාවෙන් ලැබෙන බවද වාර්තා වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »