පර්ත් නිවසක සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පර්ත් ෆ්ලෝරේට් හි නිවසකට නාඳුනන තුවක්කුකරුවෙකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ තවත් අයෙක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පර්ත් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුන්වැන්නා බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද සවස 4.30 ට පමණ තුවක්කුකරුවෙකු මෙම නිවසේ සිටි පුද්ගලයන් ඉලක්ක කර වෙඩි තබා තිබෙනවා.

පොලිසිය ලැබුණු තොරතුරුවලට අනුව කළ සොයා බැලීමේදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තුවාල ලබා සිටි පුද්ගලයා රෝහලට ගෙන ගොස් තිබෙනවා.

පොලිසිය අවධාරණය කළේ විමර්ශන සිදු වන අතර මහජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »