Search

2024 T20 ලෝක කුසලානයට සන්නාම තානාපතිවරුන් හතර දෙනෙක්

මෙවර T20 ලෝක කුසලානයේ සන්නාම තානාපතිවරුන් හතර දෙනෙකු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2024 පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ තානාපතිවරයා ලෙස හිටපු පකිස්ථාන නායකයා වන ෂහිඩ් අෆ්රිඩි පත් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ඒ අනුව මෙවර බටහිර ඉන්දීය කොදෙව් දුපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි 20 ලෝක කුසලානයේ නවතම තරඟාවලි තානාපතිවරයා ලෙසටයි ඔහු එක් වනවා.

මීට අමතරව ඉන්දියාවේ යුවරාජ් සිං, ක්‍රිස් ගේල් සහ වේගවත්ම මිනිසා ලෙසට විරුධාවලිය ලත් උසේන් බෝල්ට් ද සන්නාම තානාපතිවරුන් ලෙසට නම් කෙරුනා.

අෆ්රිඩි යනු විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තාන කණ්ඩායම තුල අමතක නොවන චරිතයක් වනවා.

2007 වසරේ සමාරම්භක තරඟාවලියේ සහ 2009 තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම් ජයග්‍රහණයේ අවසන් තරඟය දක්වා ගමනේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »