විශේෂ හේතුවක් නිසා ඔස්ට්‍රේලියා තරුණයන් වියදම් අඩු කරයි

ජීවන වියදම හේතුවෙන් තරුණ ඔස්ට්‍රේලියානුවන් බොහෝ අත්‍යවශ්‍ය දෑ කපා හරින බවට නවතම සමීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

අවුරුදු 60ට වැඩි බොහෝ ඔස්ට්‍රේලියානුවන් පසුගිය වසරේ සංචාරය සහ ආහාර ගැනීම සඳහා වැඩිපුර වියදම් කර ඇති අතර අවුරුදු 20 සහ 30 අතර පිරිස තම වියදම් සීමා කර ඇති බවයි නව පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු වාර්තාවන්ට අනුව වයස අවුරුදු 25 සිට 29 දක්වා වූ ඔස්ට්‍රේලියානුවන් පසුගිය මාස 12 තුළ ඔවුන්ගේ වියදම් සියයට 3.5කින් අඩු කර ඇති අතර අත්‍යවශ්‍ය සහ විවිධ අභිමතයන් සඳහා වූ වියදම් අඩු කර තිබෙනවා.

අනෙකුත් බොහෝ වයස් කාණ්ඩවල පුද්ගලයන් රක්ෂණ, වෛද්‍ය සහ සුපිරි වෙළඳසැල් වියදම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල වැඩිවන පිරිවැය ආවරණය කිරීම සඳහා මුදල් වෙන් කර ඇතැයි සඳහන්.

බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය දේ සඳහා වියදම් කිරීමේදී තරුණ වයස්වල පසුවන්නන් අතර ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාවක් පවතින බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

තරුණයන්ගේ මෙම කප්පාදුවලට සෞඛ්‍ය රක්‍ෂණයේ සියයට 10ක පහත වැටීමක්, උපයෝගිතා සියයට හතක පහත වැටීමක් සහ සුපිරි වෙළඳසැලේ වියදම්වල සියයට හතරක අඩුවීමක් ඇතුළත්.

මෙම වයස් සීමාවේ සිටින පුද්ගලයින් විසින් සිදු කරන දුෂ්කර ක්‍රියා මාර්ග මෙමගින් ඉස්මතු කෙරෙන අතර ඇතැමුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය රක්‍ෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වැනි විශාල ජීවන රටා වෙනස්කම් කිරීමට ද සිදුවී ඇති බව සඳහන්.

එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් උද්ධමනයට වඩා වියදම් කරන ප්‍රවණතාවක් ද පර්යේෂණයෙන් පෙන්වා දී තිබෙනවා.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »