සූර්ය පැනල සහිත නිවාස හිමියන්ට දැවැන්ත සහනයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සූර්ය පැනල සවිකර ඇති නිවාස හිමියන්ට සහන මිලට බැටරි ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති වැඩසටහනේ මූලාරම්භය සඳහා සූර්ය පැනල වෙනුවෙන් බැටරි සහනාධාර ලබා දීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

මේ වන විට තම නිවසේ වහලය මත සූර්ය පැනල සවි කර ඇති නිවාස සහ ව්‍යාපාර සඳහා එම සූර්ය බලශක්තිය ගබඩා කිරීම වෙනුවෙන් සහනදායී මිලකට බැටරි මිලදී ගැනීමට සුදුසුකම් ලබනවා.

නව දිරිගැන්වීමේ වැඩසටහන යටතේ සූර්ය පැනල සහිත නිවාස සඳහා බැටරිය ස්ථාපනය කිරීමට යන පිරිවැයෙන් ඩොලර් 1600 සිට ඩොලර් 2400ක් දක්වා මුදලක් ද ප්‍රාන්ත රජය සහනාධාර වශයෙන් ලබාදෙනු ඇති.

කිසිදු සූර්ය පැනලයක් හෝ නොමැති නිවාස සඳහා සූර්ය පැනල සහ බැටරි ස්ථාපනය සඳහා ද සහනාධාර ලබාදීම වෙනුවෙන් සලකා බලන බව සඳහන්.

තම නිවසේ විදුලිය බෙදා හැරීම වෙනුවෙන් සම්බන්ධ වීම සඳහා ඩොලර් 250 සිට ඩොලර් 400 දක්වා දිරි දීමනාවක් ද පිරිනමනු ලබන අතර, වසර තුනකට පසු ඒ සඳහා නැවත මුදල් ලබා ගැනීමට ද හැකියි.

දිරි දීමනාව නොවැම්බර් පළමු වනදා ආරම්භ වන අතර බලශක්ති අමාත්‍ය පෙනී ශාර්ප් පැවසුවේ පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය වීමට සහ පවුල්වල විදුලි බිල ඉතිරි කර ගැනීමට මෙම මුලපිරීම උපකාරී වනු ඇති බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවාස මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක වහලය මත සූර්ය පැනල ඇති අතර ඊට බැටරියක් එකතු කිරීමෙන් සුර්යාලෝකය ඇති අවස්ථාවේ පමණක් නොව පැය 24 පුරාම ඔවුන්ට ප්‍රයෝජන ලැබෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »