මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුයම 2.40ට පමණ සොරකම් කරන ලද මෝටර් රථය බර්වාල් හෝටලය අසල රථගාලේ දී බාධක යොදා නතර කිරීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරියා අනතුරට ලක්ව තිබුණා.

ඊයේ පස්වරු 4ට රින්ග්වුඩ් ප්‍රදේශයේදී මෝටර් රථයේ රියදුරු ලෙස සැලකෙන 20 හැවිරිදි තරුණයෙකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරියා හිතාමතාම අනතුරට ලක් කිරීම, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අපරික්ෂාකාරී ලෙස තුවාල සිදු කිරීම සහ අනතුරකින් පසු වාහනයක් නැවැත්වීමට අපොහොසත් වීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

වැඩබලන අණදෙන නිලධාරී මැතිව් බේන්ස් පැවසුවේ සොරකම් කරන ලද වාහනයේ සිටි අය පලා යාමට උත්සාහ කරන විට පොලිසිය හෝටලය වටා ආරක්ෂාව යෙදවීමට යාමේදී සැකකරුවන් නිලධාරියා අනතුරට ලක් කර පළා ගිය බවයි.

තුවාල ලැබූ 27 හැවිරිදි ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයා ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අලුයම 1.30 ට පමණ රින්ග්වුඩ් ඊස්ට් ප්‍රදේශයෙන් මෙම මෝටර් රථය සොරකම් කර ඇති අතර එය වර්මොන්ට් හි ටකර් පාරේ අතහැර දමා තිබියදී සොයාගැනුණා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »