ඖෂධ හිඟයක් නිසා මෙල්බන්වල හැදූ ඖෂධයක් භාවිතයට ගන්න සැලසුම්

මෙල්බර්න් හි අත්හදා බැලූ නව දියවැඩියා ඖෂධය ඔසෙම්පික් ඖෂධයේ හිඟය වෙනුවෙන් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

මෙල්බර්න් පර්යේෂකයන් විසින් දියවැඩියා රෝගයෙන් පෙළෙන වැඩි දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි නව ඖෂධයක් නිපදවීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

CagriSema ලෙස හඳුන්වන ඖෂධය Ozempic හි ඇති ක්‍රියාකාරී ද්‍රව්‍යය, ආහාර රුචිය මර්දනය කරන වෙනත් මූල ද්‍රව්‍යයක් සමඟ සංයෝජනයෙන් මෙම නිපදවීම සිදු කරන බව සඳහන්.

Royal Melbourne Hospital විසින් සිදු කරනු ලබන ගෝලීය අත්හදා බැලීම යටතේ අධික බරින් හෝ දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන තෝරාගත් පුද්ගලයින් පිරිසකට වසරක් පුරා මෙම ඖෂධයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා දෙනු ඇති.

පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ නව ඖෂධය ගෝලීය ඔසෙම්පික් හිඟය නිසා ඇති වූ හිඩැස පිරවීමට උපකාරී වනු ඇති බවටයි.

රෝයල් Melbourne රෝහලේ සහකාර මහාචාර්ය ජෝන් වෙන්ට්වර්ත් කියාසිටියේ මෙය Ozempic පමණක් භාවිතා කරනවාට වඩා ඵලදායී වන අතර නව සංයෝගයේ ආරක්ෂක ගැටළු තිබේද යන්න පමණක් නොදන්නා බවයි.

වසර දෙකක සීමා සහිත සැපයුමක් සහිතව, ඔස්ට්‍රේලියාවේ දියවැඩියා රෝගීන් දස දහස් ගණනක් සඳහා මෙම ඖෂධයෙන් ප්‍රතිකාර ලබාදීමට නියමිතයි.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු රෝහල් විසින් අධික බරකින් යුත් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් 2000කට අධික පිරිසක් ඇමරිකා එක්සත් ජනපදය, පෝලන්තය සහ දකුණු අප්‍රිකාවේ ප්‍රාන්ත හතරකින් ලබා ගැනීමට ද නියමිතව ඇතැයි සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »