මෙල්බන්හිදී මෝටර් රථයක ගැටුණු පාසල් සිසුන් පිරිසක් රෝහලට

මෙල්බර්න් හිදී මෝටර් රථයක ගැටීමෙන් පාසල් සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මෙල්බර්න් Glen Waverley හි O’Sullivan පාරේදී මෝටර් රථයක ගැටීමෙන් පාසල් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කළු පැහැති Mitsubishi Triton ute රථයක මෙම සිසුන් ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෝටර් රථය පැදවූ බව කියන 44 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එක් පිරිමි ළමයෙකු උදරයේ සහ සිරුරේ පහළ කොටසේ තුවාල සහිතව ඇල්ෆ්‍රඩ් රෝහලට ගෙන ගොස් ඇති අතර ඔහු ස්ථාවර තත්වයක සිටින බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ ගැහැණු ළමයෙකු රාජකීය ළමා රෝහලට ගෙන ගොස් ඇති අතර ඇයගේ ද තුවාල බරපතල වුවත් ස්ථාවර තත්වයක සිටින බවයි වෛද්‍යවරුන් කියාසිටියේ.

තුවාල ලැබූ අනෙක් පිරිමි ළමයා සුළු තුවාල සහිතව බොක්ස් හිල් රෝහලට ගෙන ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »