මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ මස මුලදී මෙල්බර්න් අවට දුම්කොළ ගබඩා කිහිපයකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

මෝර්ගන් කෝට්හි ස්මෝක් ඇන්ඩ් කම්පැනි සහ ග්ලෙන් රෝයි හි ග්ලෙන් රෝයි සිගරට්ස් යන වෙළඳසැල් දෙකම පසුගිය 17 වනදා අලුයම 4.15ට පමණ ගිනි තැබීමට ලක්ව තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්ත කාර්ය සාධක බලකායේ රහස් පරීක්ෂකයින් විසින් අද උදෑසන ඩීන්සයිඩ් හි පදිංචි 17 හැවිරිදි පිරිමි ළමයෙකු මෙම සිද්ධියට අදාළව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාපරාධී හානි, ගිනි තැබීම, මෝටර් රථ සොරකම් කිරීම සහ තහනම් ආයුධයක් ළඟ තබා ගැනීම යන චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

එමෙන්ම 16 හැවිරිදි පිරිමි ළමයෙකු රහස් පරීක්ෂකයින් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ද මෙම සිදුවීම් මාලාව සම්බන්ධ විමර්ශනවලට අදාළවයි.

රහස් පරීක්ෂක ග්‍රැහැම් බෑන්ක්ස් පැවසුවේ ඔක්තෝබර් මාසයේ දී ටාස්ක් ෆෝස් ලූනා මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නීති විරෝධී දුම්කොළ වෙළඳාමට දැඩි ලෙස සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, පිළිබඳව කාර්ය සාධක බලකාය විමර්ශනය කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් ළමුන් අතිශය බරපතල අපරාධ සඳහා යොදා ගන්නා බවට මෙම බාල වයස්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම තවත් උදාහරණයක් බව බලධාරීන් පෙන්වා දෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »