AI තාක්ෂණය නිසා රැකියාවලට අවදානමක්

කෘතිම බුද්ධිය නොහොත් AI තාක්ෂණය හේතුවෙන් ඉදිරියේදී මිනිසුන්ගේ බොහෝ රැකියා සඳහා බලපෑමක් ඇති වන බව බිලියනපතියෙකු වන ඉලෝන් මස්ක් පවසනවා.

AI තාක්ෂණය ව්‍යාප්තියත් සමග බොහෝ දෙනෙකුගේ රැකියා කප්පාදු සිදු වන බවට බියක් මතු වුවද එමගින් අයහපතක් නොවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ප්‍රංශයේ පැවති තාක්ෂණික සමුළුවක් අමතමින් බිලියනපතියා කියා සිටියේ AI තාක්ෂණයේ දියුණුව සමගින් ලෝකයේ කිසිවෙකුට රැකියාවක් නොමැති තත්වයකට පත්කළ හැකි බවයි.

ලෝකයේ දියුණුවත් සමග ඉදිරියේ විනෝදාංශයක් ලෙස රැකියාවක් කිරීමට පුද්ගලයින්ට හැකි වන අතර AI රොබෝවරු අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සහ සේවාවන් සපයනු ඇති බව ඉලොන් මස්ක් සඳහන් කළා.

එමෙන්ම මෙම තත්වය ක්‍රියාත්මක වීමට නම් ලෝකය තුළ ඉහළ ආදායමක් තිබිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රැකියාවලින් තොර අනාගතයක් තුළ මිනිසුන්ට චිත්තවේගීය වශයෙන් තෘප්තියක් දැනේදැයි යන ගැටලුව පවතින බව ඉලෝන් මස්ක් එහිදී පෙන්වා දුන්නා.

මෙය තවදුරටත් කතිකාවක් පමණක් වන අතර යාතාර්ථයක් වන දිනයක් ගැන සඳහන් කළ නොහැකි බවයි ඔහු කියාසිටියේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »