නායයෑමකින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මරුට

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නායයෑමකින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මානයක සිදු වූ මෙම දැවැන්ත නායයාම හේතුවෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි පැවසෙන්නේ.

පෝට් මෝර්ස්බි සිට වයඹ දෙසින් කිලෝමීටර් 600ක් පමණ දුරකින් පිහිටි කඕකලම් නම් ගම්මානය මෙලෙස නාය ගොස් ඇතැයි සඳහන්.

මියගිය සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ ඇති අතර බලධාරීන් මෙතෙක් නිශ්චිත සංඛ්‍යාවක් තහවුරු කර නැහැ.

අද අලුයම 3 ට පමණ එම ප්‍රදේශය නාය යන්නට ඇතැයි සැක කෙරෙන අතර සහන කණ්ඩායම් ළඟා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

හානිය පිළිබඳ කඩිනම් බලපෑම් තක්සේරුවක් සිදු කිරීම සඳහා හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් එක්රැස් කර ඇති බව එන්ගා පළාත් පරිපාලනය ප්‍රකාශ කළා.

නායයෑමෙන් කඩා වැටුණු විශාල ගල්, ගස් සහ සුන්බුන් අතර තවමත් ජනතාව සිරවී සිටින බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

පැසිෆික් දූපත් රාජ්‍යයේ මෙම නායයෑමෙන් පොර්ගේරා රන් ආකරයේ මෙහෙයුම්වලට ද බාධා ඇති කර ඇති බව සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »