
ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ගගනගාමියා වන එඩ් ඩ්වයිට් (Ed Dwight) අභ්‍යවකාශ ගත වීමේ සිහිනය වයස අවුරුදු 90 දී සැබෑ කරගෙන තිබෙනවා.
එඩ් ඩ්වයිට් නම් ඔහු පසුගියදා ජෙෆ් බෙසෝස්ගේ රොකට් සමාගම සමඟ අභ්‍යවකාශ ගමනට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින් නාසා ආයතනයේ ගගනගාමී බලකාය සඳහා අපේක්ෂකයෙකු ලෙස නම් කරන විට එඩ් ඩ්වයිට් සේවය කරමින් සිට තිබුණේ ගුවන් හමුදා නියමුවෙකු ලෙසටයි.

කෙසේ වුවත් 1963 වසරේ අභ්‍යවකාශ ගවේෂණ සදහා එක්වීමේ අවස්ථාව ඔහුට හිමිවුයේ නැහැ.
එම ආශාව සම්පුර්ණ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ ඩ්වයිට් බ්ලූ ඔරිජින් කැප්සියුලය ඔස්සේ තවත් මගීන් පස් දෙනෙකු සමඟ මිනිත්තු 10ක පමණ කාලයක් අභ්‍යවකාශ ගත වීමේ අවස්ථාව හිමි කර ගත්තා.

ඔහු එය හැඳින්වූයේ තම ජීවිතය වෙනස් කරන අත්දැකීමක් ලෙසයි.
තරුණ අවදියේ සිට තිබූ බලාපොරොත්තුවක් මෙලෙස මහලු වියේදී හෝ ඉටු කර ගැනීමට ලැබීම විශාල භාග්‍යක් ලෙසයි ඔහු ප්‍රකාශ කළේ.
ඒ අනුව බටහිර ටෙක්සාස් සිට කෙටි ගුවන් ගමනකින් අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස ඩ්වයිට් ඉතිහාසයට එක් වනවා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ විලියම් ෂැට්නර්ට වඩා ඩ්වයිට් මාස දෙකක් වැඩිමහල් වීම හේතුවෙන් මෙම වාර්තා අතරට එක්වුණා.