ඩොලර් මිලියන 150ක ඉතිහාසගත ලොතරැයි ත්‍යාගයේ හිමිකරු ඉදිරිපත් වෙයි

ඩොලර් මිලියන 150ක ලොතරැයි ත්‍යාගයේ හිමිකරු වන ඇඩිලේඩ් පදිංචිකරුවෙකු තම ත්‍යාගය සඳහා හිමිකම් කීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඔහු ප්‍රකාශ කළේ තමා මෙම ජයග්‍රාහී ලොතරැයිය ඇඩිලේඩ් හි උතුරේ සැලිස්බරි හි OTR සේවා මධ්‍යස්ථානයකින් මිලදී ගත් බවයි.

මෙය තමාට අදහා ගත නොහැකි සිදුවීමක් වන අතර ලොතරැයි ජය ලැබුව ද තම රැකියා කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙවර දිනුම් ඇදීමට අදාළ ලොතරැයි පත් දෙකක් තමා මිලදී ගත් අතර ඉන් එකක් ජයග්‍රාහී ලොතරැයිය බවට ඊයේ රාත්‍රියේ කළ පරික්ෂාවේදී හෙළිවූ බව ද මෙම ජයග්‍රාහකයා සඳහන් කළා.

නිවසක් මිලදී ගැනීම, ලෝකය වටා සංචාරය කිරීමට මෙන්ම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන් උදව් කිරීමට ද මෙම මුදල් යොදා ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මීට පෙර ලොතරැයි නිලධාරීන් පැවසුවේ තනි පුද්ගලයෙක් ටිකට් පත මිලදී ගත් නමුත් එය ක්‍රීඩක කාඩ්පතකට හෝ මාර්ගගත ගිණුමකට ලියාපදිංචි නොකළ නිසා නිලධාරීන්ට ඔවුන් ඉදිරිපත් වන තෙක් බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඩොලර් මිලියන 150 ක ත්‍යාගය ලොතරැයි ක්‍රීඩාව විසින් ඔස්ට්‍රේලියා ඉතිහාසයේ පිරිනමන තුන්වන විශාලතම ත්‍යාගය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »