මෙල්බන්හි ලෝක ප්‍රසිද්ධ කලා ශිල්පිණිය මියයයි

මෙල්බර්න්හි ස්වදේශික චිත්‍ර ශිල්පිණියක් කලා කාරිණියක ඩෙස්ටිනි ඩීකන්ගේ අභාවයෙන් කලා ලෝකය ශෝකයට පත්ව තිබෙනවා.

බෝනික්කන් වටා දර්ශන නිර්මාණය කරමින් සංස්කෘතික ආධිපත්‍යය සහ අවට පරිසරය පිළිබිඹු කිරීම මෙන්ම එය උපහාසයට ලක් කළ කලා කෘති හේතුවෙනුයි ඇය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේ.

ඊට අමතරව ඇය චිත්‍ර කලාව, ඡායාරූපකරණය, වීඩියෝකරණය සහ මූර්ති නිර්මාණයට ද ජනප්‍රියත්වයක් උසුලනවා.

ඩීකන්ගේ කලා කෘති මගින් ඔස්ට්‍රේලියානු ජනගහනය තුළ ආදිවාසින්ගේ නිරූපණයන් සහ ආදිවාසී ජීවිතයේ යථාර්ථය අතර විෂමතා ගෙනහැර දක්වා තිබුණා.

1957 වසරේ ක්වීන්ස්ලන්ඩ් මේරිබොරෝහි උපත ලද ඩීකන් ගුරුවරියක් ලෙස සේවය කිරීමට පෙර දේශපාලනය සහ අධ්‍යාපනය හැදෑරූ අතර ආදිවාසී ක්‍රියාකාරිකයෙකු වන චාල්ස් පර්කින්ස්ගේ මාණ්ඩලික පුහුණුකරු ලෙසයි හදුන්වා ඇත්තේ.

ඇය ඔස්ට්‍රේලියාවේ කලා ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් ලෙස හඳුන්වා දෙමින් මහාචාර්ය ලැන්ග්ටන් සිය ශෝකය පල කර තිබුණා.

ඩීකන්ගේ කලා කෘති අතර වර්ණවාදය ද පෙන්නුම් කළ අතර ඔස්ට්‍රේලියානුවන් හා ආදීවාසීන් අතර ඔවුන්ගේ ජීවිත යථාර්ථය පිළිඹිබු කිරීමට සමත්වුණා.

ඇයගේ චිත්‍ර සහ එම චිත්‍රයෙහි මාතෘකා පරස්පර වන අතර අර්ථ දෙකක් ගම්‍ය වන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඇය සැම විට ස්වදේශික ජනතාව වෙනුවෙන් පෙනී සිටි කාන්තාවක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියා.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »