ඩොලර් මිලියන 150ක ලොතරැයි දිනුම ගැන නිලධාරීන් දැන් කියන කතාව

ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගය වූ ඩොලර් මිලියන 150 සඳහා මෙතෙක් හිමිකරුවෙක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ජයග්‍රාහී ලොතරැයියේ හිමිකරු සෙවීම තවදුරටත් සිදුවන බවයි නිලධාරීන් සඳහන් කළේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙළඳසැලකින් මිලදී ගත් ලොතරැයි පත්‍රයක් මෙම සුපිරි ත්‍යාගයට හිමිකම් කියන අතර දිනුම් ඇදීමෙන් පැය කිහිපයකට පසුව ද තම ත්‍යාගයට හිමිකම් කීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ.

ලොතරැයි බලධාරීන් පැවසුවේ තනි පුද්ගලයෙක් ටිකට් පත මිලදී ගෙන තිබුණ ද එය ක්‍රීඩක කාඩ්පතකට හෝ මාර්ගගත ගිණුමකට ලියාපදිංචි නොකළ නිසා හිමිකරු ඉදිරිපත් වන තෙක් බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඩොලර් මිලියන 150ක මෙම ත්‍යාගය ලොතරැයි ක්‍රීඩාව විසින් පිරිනමන තුන්වන විශාලතම ත්‍යාගය වන අතර මීට පෙර දිනුම් අදිම්වලදී මෙවැනි දැවැන්ත දිනුම් ජයග්‍රාහකයන් කණ්ඩායම් අතර බෙදී ගොස් තිබුණා.

මෙම ත්‍යාගයට එක් පුද්ගලයෙකු පමණක් හිමිකම් කියනු ලැබුව හොත් ඔහු හෝ ඇය ඔස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයා බවට පත්වෙමින් ඉතිහාසගත වනු ඇති.

මෙම ජයග්‍රාහී ලොතරැයි හිමිකරුට එය අහිමි වී හෝ අස්ථානගත වී ඇත්නම් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ලොතරැයි සමාගම හෙළි කර තිබෙනවා.

ඒ අනුව ලොතරැයි වෙබ් අඩවියට ගොස් එති ඇති පෝරමයක් පිරවීම මගින් හෝ ටිකට් පතේ ඡායාරූපයක් ඇත්නම් එය ප්‍රමාණවත් බවයි දැනුම් දෙන්නේ.

ජයග්‍රාහකයින් නොමැතිව එක දිගට දිනුම් ඇදීම් හයක් අවසන් වීම හේතුවෙනුයි මෙවර ත්‍යාග මුදල මිලියන 150ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »