වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කුරුළු උණ ආසාදිත ගොවිපළක් හඳුනා ගැනේ

වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ රෝගය තවත් කුකුළු ගොවිපළට පැතිර ගොස් ඇතැයි නවතම පරීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත්තේ වෛරසය ටෙරාන්ග් ප්‍රදේශයේ ගොවිපලකින් හමුවී ඇති අතර එහි බිත්තරයකින් එය හඳුනාගෙන ඇති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ රෝගය හේතුවෙන් දැනටමත් කුකුළු මරණ රැසක් සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

ටෙරාන්ග් ගොවිපළ මෙන්ම ප්‍රාන්තයෙන් පළමු වරට වෛරසය හඳුනා ගත මෙරඩිත් ගොවිපල සමඟ නිරෝධායන සහ පාලන නියෝග යටතේ පවතිනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙරට පැතිරෙන වෛරසය ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල පවතින H5N1 වෛරසයට සමාන නොවන බවයි.

වික්ටෝරියා හෙල්ත් ප්‍රධාන පශු වෛද්‍ය ග්‍රේම් කුක් පැවසුවේ කෘෂිකාර්මික කාර්ය මණ්ඩලය වෛරසය පාලනය කිරීමට සහ තුරන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

පරිභෝගිකයින් සුපිරි වෙළඳසැල්වල බිත්තර සහ කුකුළු මස් ඇතුළු නිෂ්පාදන පිළිබඳ සැලකිලිමත් නොවිය යුතු අතර ඒවා මගින් අවදානමක් ඇති නොකරන අතර පරිභෝජනයට ආරක්ෂිත බව ඔහු සඳහන් කළා.

ප්‍රජාව ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරන්නේ නම් මෙවර වෛරස් ව්‍යාප්තිය පාලනයට සහ තුරන් කිරීමට හැකි බවයි පශු වෛද්‍යවරයා කියාසිටියේ.

මේ අතර කුරුළු උණ හේතුවෙන් මෙරඩිත් ගොවිපල අවට කිලෝමීටර් 5ක සීමා සහිත ප්‍රදේශයක් සහ කිලෝමීටර් 20ක පාලන කලාපයක් මෙන්ම ටෙරං ගොවිපල වටා කිලෝමීටර 1.5ක සීමා සහිත ප්‍රදේශයක් මෙන්ම කිලෝමීටර් 15ක පාලන කලාපයක් පිහිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »