අකමැත්තෙන් කළ විවාහය නිසා දියණිය මියයයි – වික්ටෝරියානු මව උසාවියේ

දියණියගේ අකමැත්ත නොතකා ඇයව පුද්ගලයෙකුට බලහත්කාරයෙන් විවාහ කරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ වික්ටෝරියානු මවක් වරදකරු බවට අධිකරණය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පර්ත්හි පදිංචි පුද්ගලයෙකුට සැකකාර කාන්තාව තම දියණිය බලහත්කාරයෙන් විවාහ කර දී ඇති අතර එම පුද්ගලයා අතින් එම මනාළිය ඝාතනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

2019 වසරේ නොවැම්බර මාසයේදී පර්ත්හි පදිංචි මොහොමඩ් අලි හලිම් සමඟ විවාහ වීමට ඇගේ දියණිය රුකියා හයිදාරිට බල කිරීම සම්බන්ධයෙන් ෂෙපාර්ටන්හි කාන්තාවක් වන සකීනා මුහම්මද් මෙලෙස වැරදිකාරිය වී තිබෙනවා.

එවකට 21 හැවිරිදි වියේ පසුවූ තරුණිය ඔවුන්ගේ විවාහයෙන් සති හයකට පසු සැමියා විසින් ඝාතනය කර තිබුණා.

සැකකාර සැමියා ඝාතනය සිදු කර එම තරුණියගේ සහෝදරයා අමතා දැනුම් දී ඇත්තේ පැමිණ සහෝදරියගේ සිරුර රැගෙන යන ලෙසටයි.

බටහිර ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් එම පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලද අතර, ෆෙඩරල් පොලිස් පරීක්ෂණයකින් පසු තරුණියගේ මවට ද දියණියගේ විවාහයට බලකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

බලහත්කාරයෙන් විවාහ කරවීමේ වරද පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිය යටතට වැටෙන අතර උපරිම දඬුවම වසර හතක සිරදඬුවමකට යටත් වනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »