
ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටින් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා.
තමන් ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වුවද ඉන්දීය කණ්ඩායම තුළ කටයුතු කිරීම හමුවේ කාලය පිළිබඳව ගැටලුවක් පැන නගිනු ඇති බවයි ඔහු අදහස් දක්වමින් පවසා ඇත්තේ.
රිකී පොන්ටින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගත හොත් රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් පසු කණ්ඩායම සමග එක් වනු ඇති.

ලබන 27 වනදා අයදුම්පත් භාරගැනීම අවසන් වන අතර වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් තවදුරටත් ඉන්දීය කණ්ඩායමේ රැඳී සිටීමේ අපේක්ෂාවක් නොමැති බවයි වාර්තා වන්නේ.
පොන්ටින් පැවසුවේ තමන්ට ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු වීමට අභිලාෂයන් තිබුණ ද දිල්ලි කැපිටල්ස්හි ප්‍රධාන පුහුණුකරු මෙන්ම ඔස්ට්‍රේලියාවේ රූපවාහිනී සේවය සමග කටයුතු කිරීම හේතුවෙන් කාලය පිළිබඳ ගැටළුවක් පවතින බවයි.

තම පුත්‍රයා ද ඇතුලු පවුලේ සාමාජිකයන් ද මෙම පත්වීම සම්බන්ධයෙන් සතුට පළ කර ඇති බව පොන්ටින් ප්‍රකාශ කළා.